Colombo Today Local News

“අලුත් ව්‍යවස්ථාව ගැන සමහරු බොරු ප්‍රචාර කරනවා.. මේවා ජාතික අපරාධ“ – ජනපති

mithrepala-sirisena

යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ ඇතැම් කණ්ඩායම් විසින් කරනු ලබන අසත්‍ය ප්‍රකාශ පළ කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

එවැනි අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය තුළ පළ කරනු ලැබීම ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ ‘ජාතික අපරාධයක්’ ලෙසයි.

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස්වලට පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා තමා ඇතුළු ආණ්ඩුව කැප වී සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ හැත්තෑ වන සංවත්සර උළෙල අමතමිනි.

‘මට ඉතාමත් කනගාටුයි කියන්න නායක හාමුදුරුවනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අසත්‍ය, වැරදි ප්‍රචාර ජනතාව අතරට යවනවා. ඇතැම් මාධ්‍ය ආයතන ඉතාමත් වැරදි සහගත වාර්තා පළ කරනවා.’ජනාධිපතිවරයා කියා සිටියේය.

‘මම කියෙව්වා හෙට පිට වන ජාතික පුවත්පතක්. සම්පුර්ණයෙන් අසත්‍ය පිරිලා තිබෙන්නේ. මම සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා ගෞරවයෙන්, මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තැන තැන කතා වෙන අසත්‍ය ප්‍රචාර ජනතාව නොමග යැවීම සඳහා පළ කරන්න එපා කියලා.’

Related posts

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

එන්නත නොගත් පෞද්ගලික බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

colombotoday

සන්ධාන මන්ත්‍රීන් දෙදෙනෙක් විපක්ෂයට….

colombotoday

ත්‍රීරෝද රථ මීටර් අනිවාර්ය කිරීම අගමැති වෙන්න හීන දකින නිදියන ඇමතිගේ මෝඩ තීරණයක් !

colombotoday