Colombo Today Local News

සිංහලයිනි නෙවෙයි “ලාංකිකයිනි නැගිටිව්!“.. ධර්මපාලතුමාගේ හඩ, UNP වේදිකාවේ ජනපති REMIX කරයි !

pixu-hutan-233

“එදා අනගාරික ධර්මපාලතුමා කිව්වේ සිංහලයිනි නැගිටිව් කියලා අද පොදු ජනතාවගේ සේවකයා විදියට මම කියනවා ලාංකිකයිනි නැගිටිව් කියලා” යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැති එජාප 70 වැනි සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කියා සිටියේය.

2015 ජනාධිපතිවරණය ජයග්‍රහණයේ වැඩිම කොටස්කරුවන් සිටින පක්ෂයේ සංවත්සරයට ආරාධනා ලැබීම සතුටක් බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවේය.

එජාපයේ නිර්මාතෘ ඩී.එස් සේනානායක මහතා 1946 දී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි එකම ජාතිකයක් ලෙස සිටිය යුතු බවට වසර 70ට කලින් කියූ දේ අදත් අපිට කියන්න සිදුව ඇති බවද, ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.

ඩී.එස් සේනානායක, එස්.ඩබ්ලිව් ආර්.ඩී බණ්ඩාරනායක, චෙල්වනායගම් වැනි නායකයින් අදින් අවුරුදු ගාණකට කලින් සිදුකළ එම ප්‍රකාශ අදටත් අපට කියන්න සිදුව ඇත්තේ මේ රටේ සියලූ ජාතීන් සංහිඳියාව වෙනුවෙන් කටයුතු නොකළ නිසා බවත්, එහි ප්‍රතිඵලය 30 වසරක යුද්ධය බවත්, ඔහු පැවසුවේය.

Related posts

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

පුද්ගලයන් හත් දෙනෙක්ට වෙන්න යන දේ

Admin

පරාජයෙන් පසු හිටපු ඇමති රාජිත කට අරී… සජිත්ගේ නොහැකියාව ගැන කියයි !

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

කොරෝනා මරණ භුමිදනයට අවසර ?

colombotoday

මැනිං වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලයට පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday