රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා සතොස ආයතනයට සදහා 248 දෙනෙකු අළුතෙන් බදවා ගැනීමට අදාල පත්වීම ලිපි ලබාදීම එළඹෙන 12 වනදා සිදුකිරීමට නියමිතය.
අදාළ තනතුරු සදහා අයදුම්පත් 3000කට අධිකව ලැබී ඇති අතර ඒවා කුණු කූඩයට විසිකර අමාත්‍යවරයාගේ අමාත්‍යවරයාගේ ආධාරකරුවන් සහ හිතවතුන්ට පමණක් නීති විරෝධී ලෙස මෙම පත්වීම් ලබා දී ඇති බව සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
සුපුරුදු පරිදි ජාතිවාදීව කටයුතු කර ඇති ඇමතිවරයා මුස්ලිම් ජාතිකයන්ට වැඩි අවස්ථාවක් ලබා දී ඇති අතර පත්වීම් 248ක් අතරින් 109 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් වන අතර ද්‍රවිඩ ජාතිකයින් තෝරාගෙන ඇත්තේ 14 දෙනෙකු පමණි.
මෙලෙස ලබා දී ඇති වැඩි පිරිසක් අවම සුදුසුකම්වත් සපුරා නොමැති අය බවටද අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
මෙම පත්වීම් සදහා අනුමත කරනලද සම්පුර්ණ ලැයිස්තුව අප සතුව පවතින අතර ඉන් කොටසක් පහත දැක්වේ.