26 C
Colombo
4 January 2025
Colombo Today Local News

ඩොලර් බේරා ගන්න, ඉන්ධන සහනාධාරය ලබා දීමට නොහැකි බව කබ්රාල් කියයි

සැපයුම පාලනය කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යාම අඩු වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවිඩක සඳහන් වූයේ, ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන සහනාධාරය ලබා දීමට රටට නොහැකි වී ඇති බවයි.

ඉන්දියාව වැනි අසල්වැසි රටවල් පෙට්‍රල් ලීටරයකට ගෙවන මිලට ආසන්න අගයකට අපේ රටේ මිල ගණන් ළඟාවී ඇති බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වාදී තිබේ.

ඔහු සඳහන්කර ඇත්තේ අපේ රටේ ප්‍රිමියම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 210 ක් වෙද්දී ඉන්දියාවේ එය රුපියල් 264 ක් බවයි.

Related posts

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට අන්තිමයි

colombotoday

ඖෂධීය කංසා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න නීති හදා අවසන්

colombotoday

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin

බරපතල ජාතික උවදුරක පෙරනිමිති !.. හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

Admin