Colombo Today Local News

දෙමාපියන් රවටා ගෙන ගිය14 හැවිරිදි දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියගේ වැඩ

දීර්ඝ කාලයක සිට 14 හැවිරිදි දැරියක් මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

මේ වන විට 14 හැවිරිදි දැරිය රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

බාලවයස්කාර දැරියක ගේ දෙමාපියන් මුලාකර ඥාති කාන්තාවක් විසින් දැරිය රැගෙන ගොස් විවිධ පුද්ගලයන් හට මුදලට අලෙවි කරන බවට රහසිගත තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි සැකකාරිය මරදාන ප්‍රදේශයේ දැරියගේ නිවසට පැමිණ ඇයගේ තනි නොතනියට දැරිය රැගෙන යන බව පවසමින් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලීස් විමර්ශනවලදී හෙළිවී ඇත.

ඒ අයුරින් දැරියව දින දෙක තුනක් ඇයගේ නිවසේ තබා ගන්නා බව දැරියගේ දෙමව්පියන්ට පවසා දැරිය රැගෙන ගොස් විවිධ ව්‍යාපාරිකයන් හට රුපියල් 50,000 බැගින් වූ මුදලට අලෙවි කර ඇති බව පොලිසිය කියයි.

සැකකාරිිය මේ අයුරින් දැරියව දොළොස් හැවිරිදි වියේ සිට වසර දෙකක කාලයක් ගණිකා සේවයේ යොදවා ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිනියක් සදහන් කර ඇත. සැකකාරිය දැරිය විකිණීමෙන් ලැබෙන මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 32 හැවිරිදි තැනැත්තියක් වන අතර මරදාන ප්‍රදේශයේ පදිංචි සැකකරු 38 හැවිරිදි අයකු වේ.

සැකකරු සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර ,කොළඹ මධ්‍යම ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සහකාර පොලිස් අධිකාරී සෙනරත් මහත්වරුන්ගේ උපදෙස් මත මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපල කොටුව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

Related posts

රාජිතගේ බල බිඳින මෙහෙයුමක්.. ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට රතු එළි දල්වයි !

colombotoday

හෙළ රජ සමයෙන් පසු ප්‍රථමවරට සිදු කෙරෙන සැටදහසක් චීවර පුජා කිරීමේ “සන්ඝානුභාවේන” ජාතියේ චීවර පුජාව !

colombotoday

මහ බැංකුව අගමැති යටතේත් රාජ්‍ය බැංකු කබීර් හෂීම් යටතේත් තියෙද්දී රවීට බැඳුම්කර චෝදනා ඇයි ?

colombotoday

පහන් දල්වා මල් පුදා යාපනය සරසවියේත් මියගිය කොටින් සමරයි

colombotoday

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday

මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචාර්ය නිර්මාල් රංජිත් කණගාටුවෙන්

colombotoday