යුද්දය කල නිලධාරීන් යුද අධිකරණයට ගෙනයාමට හදන වන්දිබට්ටයින්ට කියවීම සදහා තමන් ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය රචනා කලේ යයි සේවයෙන් විශ්‍රාම ගිය 53 වන සේනාංකාධිපති කමල් ගුණරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ “රණමග ඔස්සේ නන්දිකඩාල් – ත්‍රස්තවාදය පැරදවීමේ සත්‍ය කතාව“ කෘතිය සහ එහි ඉංග්‍රීසි පිටපත් එළිදැක්වීම සදහා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවති උත්සවයේදීය.
” 2016 සැප්තැම්බර් 6 වෙනි දින කොළ එලිය දැල්වෙන බව දැන සිටි මා කිසි දිනක අහස උසට බලාපොරොත්තු තියාගෙන , සිහින ලෝකයේ ජීවත් නොවීමට මම වග බලා ගත්තා .” යැයිද හිටපු සේනාංකාධිපතිවරයා එහිදී පැවසීය.