Colombo Today Local News

විදේශ ඇමති මංගල ජාතිමය පාවා දුන්නා.. ඔහු රාජද්‍රෝහියෙක්

sarath weerasekaraවිදේශ අමාත්‍ය මංගල සමරවීර ට එරෙහිව රාජද්‍රෝහී වීමේ චෝදනා යටත් නඩු පැවරිය යුතු බව රියර් අද්මිරාර් සරත් වීරසේකර මහතා පවසයි.

“සමස්ත ජාතියම පාවාදීම සම්බන්ධයෙන් ද, මේ රට රැකගත් රණවිරු සෙබළුන් පාවාදීම සම්බන්ධයෙන්ද,” මංගල සමරවීර අමාත්‍යවරයාට නඩු පැවරිය යුතු බව රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ප්‍රකාශ සිටියේ  ‘ජිනීවා යෝජනාව සහ පෙඩරල්වාදය අද’ තේමාව යටතේශ‍්‍රී ලාංකික ගෝලීය සංසදය විසින් පෙරේදා( 05 )කොළඹ පදනම් ආයතනයේ පවත්වන ලද විද්වත් හමුවකට එක්වෙමිනි.

එක්සත් ජාතීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියා කලාපය සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රථම අධ්‍යක්‍ෂ ජනරාල් ද වන රියර් අද්මිරාල් වීරසේකර විසින් දෝෂ දර්ශනයට ලක් කරන ලද්දේ බියගුළු සහ ලජ්ජා සහගත එකක් ලෙසිනි.

ස්වෛරී රාජ්‍යයක් ලෙසින් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ලබා දී තිබෙන යුක්තිය පසිඳලීමේ ‘අනුල්ලංඝනීය’ වරම ‘බියගුළු සහ ලජ්ජා සහගත අයුරින් සෙයිද් හුසේන් නම් තනි පුද්ගලයකුට’ පවරා ඇති බවටත්  චෝදනා කළේය.

ශ්‍රී ලංකාව ෆෙඩරල් පන්නයේ පාලනයක් බවට පත් කිරීමට දැරෙන උත්සාහයක් ඇති බවට චෝදනා කළ රියර් අද්මිරාල් සරත් වීරසේකර, එය හැඳින්වුයේ ‘ඒකීය රටක් ගොඩනැගීමට සටන් කළ සොල්දාදුවන්ගේ ජීවිත අපතේ යැවීමක්’ ලෙසය.

“අපේ රට ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට හෝ අපේ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයකට ගෙනයාමට හෝ අපි කිසිවිටෙකත් ඉඩ නොදෙමු,” යි සභාව හමුවේ ඔහු සපථ කළේය.

Gagana Radio

ජිනීවා යෝජනාවලිය සහ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව, ආණ්ඩුක‍්‍රම ආකෘතිය සහ මානව හිමිකම් පිළිබද නීතිය, ජාත්‍යන්තර සම්බන්ධතා යන කරුණු මුල්කර ගනිමින් අධිනීතීඥ ගෝමීන් දයාශ‍්‍රී, ජනාධිපති නීතීඥ මනෝහරන්ද සිල්වා, අද්මිරාල් සරත් වීරසේකර, මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන මොහාන් සමරනායක සහ ශමීන්ද‍්‍ර ෆර්ඩිනෑන්ඩො යන විද්වතුන් දේශන පැවැත්වූහ.

මෙම අවස්ථාවට පූජ්‍ය බෙංගමුවේ නාලක හිම,පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, විදෙස් තානාපතිවරු ඇතුළු ගිහි පැවිදි විත්වතුන් පිරිසක් සහභාගී වී සිටියහ.

ජනාධිපති නීතීඥ මනෝහරන් ද සිල්වා –

මාධ්‍යවේදී ශමීන්ද‍්‍ර ෆර්ඩිනෑන්ඩො –

අද්මිරාල් සරත් වීරසේකර –

Related posts

මම ලෝයර් කෙනෙක් වුනේ හරි පාරේ ගිහින්

Admin

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට | ලිට්‍රෝ සමාගමට දෛනිකව කෝටි 25ක පාඩුවක්

colombotoday

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී ! – විකල්ප බලවේගයකට රතන හිමිගෙන් සැලසුම්.

colombotoday

අගමැතිකම මහින්දට දෙන්න.. මෛත්‍රීගෙන් තීරණයක් !

colombotoday

අලුත් කැබිනට් එකේ ඉන්නේ පිරිසිදු ඇමතිලා.. හොරු කවුරුත්ම නෑ…

colombotoday

මේ මාසය තීරණාත්මකයි.. ජනපති තද තීරණයක් ගන්න යයි !!

colombotoday