Colombo Today Local News

“කුමන භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි දන්නේ නැ.. අඩු කරන්නෙ මෙහෙමයි කියලා දන්න කෙනෙක් ඉන්නව නම් මාව හම්බුවෙන්න”

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (22)දින කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.

”චීනය කියන ලෝකයේ විශාලතම රටක දවස් 5ක් වැඩ කරන රටේ එක් දවසක් නම්, විවෘත කරලා තියෙන්නෙ ඓතකොට භාණ්ඩ හිඟයක් ඇති වෙනවා ලෝකෙ, අපිටත් විවිධ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ, චීනයෙන් එතකොට අපිට අමුද්‍රව්‍යවල හිඟයක් ඇති වුණොත් සමහර කර්මාන්ත පවත්වා ගෙන යන්න බැරි වෙනවා”

මෙය ලෝකයේ පවතින අලුත් ම අභියෝගය බව ද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ, ලෝකයේ ඛනිජ තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේදී ශ්‍රී ලංකාව තුළ එය පාලනය කිරීමට ක්‍රමවේදයක් දන්නා කෙනෙකු සිටී නම්, තමා වෙත යොමු කරන ලෙසයි.

”කවුරුහරි කියනවා නම්, මෙන්න මේකයි ලෝකෙ ඛනිජ තෙල් වැඩි වෙන එක,ලංකාව පාලනය කරන්නෙ මෙහෙමයි, ලෝකයේ ගෑස් මිල 130 %කින් වැඩි වෙලා තියෙනවා. ඒක අඩු කරන්නෙ මෙහෙමයි කියලා ක්‍රමවේදයක් කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් එයාට මාව හම්බුවෙන්න කියන්න”

Related posts

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

Admin

දයා ගමගේ, රිෂාර්ඩ් බදුර්දීන්, මලික් සමරවික්‌ක්‍රම, නවීන් දිසානායක යන අමාත්‍යවරුන්ට එරහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday

නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කළේ ඇයි? අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි..

Admin

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක්

Admin

ජේෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

colombotoday

ඊළමට පණ දෙන්න ප්‍රබල කොටි 67ක් රටවල් 12ක සිට වැඩ !

colombotoday