Colombo Today Local News

උතුරේ මුල් පදිංචිකරුවන්ගේ ජන්ද හිමි නාම ලේඛන ගැන පරීක්ෂණයක්

උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන්ගේ නම්, ජන්ද හිමි නාම ලේඛනවලින් ඉවත් කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ කාදර් මස්තාන් යන මහත්වරුන් ඒ සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ඔවුන් ඉදිරිපත් කර ඇති කරුණු පුත්තලම දිස්ත්‍රික්කයේ තාවකාලිකව පදිංචි වී සිටින පවුල් 7,727කගේ නම් ජන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කිරීම සාධාරණ නොවන බවට සඳහන් කරමින් රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකර තිබේ.

ඔහු කියා සිටියේ පුත්තලමේ තාවකාලිකව පදිංචිව සිටින මන්නාරම දිස්ත්‍රික්කයේ පිරිසකගේ නම් මෙලෙස ඉවත් කර ඇති බවයි.

Related posts

මත්පැන් සම අයිතිය ඉල්ලා උසාවි ගිය සමනලී ජනපතිටත් පදමට අමතයි

colombotoday

උසස් පෙළ සිසුන් එන්නත්කරණය කොළඹින් ඇරඹේ

colombotoday

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin

ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

colombotoday

සීගිරියේ ලයිට් දැම්මේ නෑලු

Admin

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday