Colombo Today Local News

දිනකදී මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

වාද්දුව ප්‍රදේශයේදී ඊයේ (21)දිනය තුල සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 200ක් සමග 32 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටියදී ය.

අදාළ සැකකරු පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශවලදී ද සැකකරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටපත්ව තිබේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ද ඊයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී නීතිවිරෝධී මත්පැන් වැරදිවලට සම්බන්ධ 15 දෙනෙකු, මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙක්, වරෙන්තුකරුවන් 7 දෙනෙක්, ගිනිඅවියක් සමග එක් පුද්ගලයෙක් ආදී වශයෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් 25 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 130කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (21) දිනයේ සිදුකර තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

colombotoday

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

colombotoday

කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

Admin

වස-විස නැති ගොවිතැන් කතාත් අහවර වල ලකුණු.. අධිවිෂ ග්ලයිෆොසෙට් තහනම ලිහිල් කරන්න යයි

colombotoday

මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා මිය යයි

colombotoday

ජල ව්‍යාපෘති 20 ක්‌ ඇරඹීමේදී බිලියන ගණනක අක්‍රමිකතාවක්‌ සිදුවූවැයි හිටපු ඇමැති දිනේෂ් ගැන පරීක්ෂණ

colombotoday