Colombo Today Local News

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මුල් පුටුව ඉමිතියාස් බාකීර් මාකාර්ට !

එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙක් මෙන්ම ජනමාධ්‍ය ඇමතිවරයෙකු ලෙසද කටයුතු කළ ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුරු සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය විෂයෙහි බාකීර් මාකාර් මහතා සතු දැනුම සහ සබදතාවයන් සැලකිල්ලට ගෙන අගමැතිවරයා විසින් ඔහුගේ නම යෝජනා කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය ඒකාබද්ධව පිහිටවන මෙම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය හරහා රටේ ඉදිරිගමන සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක කාර්යභාරයක් සදහා සැලසුම් කර ඇති අතර එහි ප්‍රධාන තනතුර සදහා, බාකීර් මාකාර් මහතාගේ නම ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතව ඇත.

 

Related posts

නළලේ කොටාගෙන නොසිටියාට මා හොඳ බෞද්ධයෙක් – හර්ෂ ද සිල්වා පිළිතුරු දෙයි

colombotoday

ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කළ හිරා පදනමට තවමත් ලියාපදිංචියක් නෑ.

colombotoday

ලංවිම බඳවාගැනීම් සහ ස්ථිර කිරීම් අත්හිටුවයි

Admin

‘එක්ස්ප්‍රස් පර්ල්’වලින් සිදු වූ හානියට මිලියන 420 ක් ධීවරයින්ට දුන්නා’ – කංචන විජේසේකර

colombotoday

විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපනයට යෝජිත කෙටුම්පත විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි

Admin

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday