Colombo Today Local News

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ පොලිස් නිලධාරීන් රාජකාරි කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පොලිස් ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම, ආර්ථික නිෂ්පාදන කටයුතු හා සෞඛ්‍ය සේවාවන් මනාව පවත්වාගෙන යාමට බාධා නොවන පරිදි අනවශ්‍ය ගමන් බිමන් සීමා කෙරෙන ලෙස නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි.
එම වගකීම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් දැරිය යුතු බවත්, අදාළ නිලධාරීන් අධීක්ෂණය කර ඒ සඳහා සුදුසු උපදෙස් ලබාදිය යුතු බවත් පොලිස්පතිවරයා විසින් නිවේදනය කර තිබේ.

Related posts

හාල් පොල් ගැටළුවට ආණ්ඩුවට විසඳුම් නෑ

Admin

මහින්දට එරෙහිව රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

colombotoday

දෙහිවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

Admin

යාපනේ සිසුවාගේ ලිපිය පොලිසියට හමුවීමට පෙර කොටි වෙබ් අඩවියක

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

කල්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

Admin