Colombo Today Local News

මාදුරුඔය රක්ෂිතයේ 5ක් දඩයමේ ගිහින්. මස් කිලෝ 50ක් සමඟ මාට්ටු

මහඔය පොලිස් වසමේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ඔමුණුගල කැළැ ප්‍රදේශයේ දී දඩයමේ ගොස් සිටි සැකකරුවන් පස් දෙනකු දඩයම් කළ සතුන්ගේ මස් කිලෝ 50 ට ආසන්න ප්‍රමාණයක් සමග විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.එම්.සී.බී.අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20)දින රක්ෂිතයට ඇතුළු වී මෙම වැටලීම සිදුකර ඇත.

බලපත්‍ර නොමැති මෙරට නිපදවන ලද වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක් ආධාරයෙන් සතුන් දඩයම් කිරිම සහ දඩමස් ලග තබා ගැනිමේ සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

සනත් නිශාන්තට ඇප

colombotoday

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

colombotoday

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

colombotoday

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday

බෝ නොවන රෝගවලින් වසරකට මිය යන ගණන එක්ලක්ෂ තිස්දාහක්…!

colombotoday