World

දෝෂාභියෝගය සම්මතයි.. බ්‍රසීල ජනපතිනිය තනතුරෙන් නෙරපයි !

dilma ruselt

බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රූසේෆ් තනතුරින් ඉවත් කිරීමට බ්‍රසීල සෙනේට් සභාව තීරණය කරයි.

ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය පිළිබඳව විභාගය අවසානයේ සෙනේට් සභිකයන් අසූ එක් දෙනාගෙන් හැට එක් දෙනෙකුම නිගමනය කර තිබෙන්නේ ජනාධිපතිනි ඩිල්මා රූසේෆ් වැරදිකාරිය බවයි.

ඇයට එල්ල වූ චෝදනාව වන්නේ රටේ වැඩිවෙමින් පැවති අයවැය පරතරය සැඟවීම සඳහා මීට දෙවසරකට පෙර ඉදිරිපත් කළ අය වැය වාර්තාව විකෘති කර ඇති බවයි.

බ්‍රසීල උප ජනාධිපති මිෂෙල් ටෙමියර් (Michel Temer) මීළඟ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතයි.

තනතුරින් පහ කරන ලද ඩිල්මා රුසේෆ් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාවයි.

තමාට එල්ල වූ දෝෂාභියෝගය දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් හැටියටයි ඇය විසින් හඳුන්වනු ලබන්නේ.

BBC

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු

colombotoday

Facebook සමාව අයැදි

colombotoday

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin

Video: රුසියානු ගුවන් යානය බිමහෙළු බෝම්බය ISIS මාධ්‍යයට පෙන්නයි – අටවා තිබුනේ සෝඩා කෑන් එකක

colombotoday

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday