Colombo Today Local News

හිරෙන් පනින්න හැදූ කොටි සැකකරුට වෙඩි තැබූ හමුදා නිලධාරියාට සිර දඩුවම්.. ලක්ෂ 20ක වන්දියකුත් ගෙවන්න වෙයි !

dfe333

අත්අඩංගුවේ සිටියදී පැන යාමට තැත්කල එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකුට වෙඩි තැබීම නිස ඔහුගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු යුද හමුදා ලුතිනන්වරයෙකුට අත්හිටවූ වසරක සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙස කොළඹ මහාධිකරණය අද (31) නියෝග කර තිබේ.

1998 වසරේ පේදුරුතුඩුව හමුදා කඳවුරේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු පළායාමට තැත්කළ අවස්ථාවේ අපරික්ෂාකාරී අන්දමින් වෙඩි තැබීම තුළින් ඔහුගේ මරණය සිදුවූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාර හමුදා ලුතිනන්වරයාට එරෙහිව නඩු පවරා තිබුණු අතර, අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය අදාළ චෝදනාවට විත්තිකරු වරදකරු බවට තීන්දු කර ඇත.

ඒ අනුව විත්තිකාර ලුතිනන්වරයාට වසරක අත්හිටවූ සිරදඩුවමක් හා, මියගිය එල්.ටී.ටී.ඊ. සැකකරුගේ ළගම ඥාතියෙකුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර ඇත.

Related posts

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

colombotoday

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

Admin

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

ආණ්ඩුව හා අයි.එම්.එෆ් අතර සාකච්ඡාවල ඩෙඩ්ලොක් එකක් ?

Admin

හෙට (09) සිට දුම්රිය වර්ජනයක්…

colombotoday