Colombo Today Local News

බදුයුදීන්ගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමී – ජවිපෙ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන්ගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් පරීක්ෂණ මන්දගාමී ස්වභාවයක් ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්නා මියගිය දැරියට සාධාරණයක් ඉටුකළ යුතු බවය.

“රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ වසරක පමණ කාලයක් ඇය මෙහෙකාර සේවයේ යොදවලා තියෙනවා. ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දී වෛද්‍ය නිලධාරීන් තහවුරු කරනවා ඇය දුෂණයට ලක්වෙලා කියලා ඇය සියදිවි නසාගත්තට පස්සෙත් ඇඟේ මරණය සම්බන්ධයෙන් දැන් මේ සිදුවන පොලිස් පරීක්ෂණ වේගවත් ද ? ඒකට අදාළ අය අත්අඩංගුවට ගෙන තියෙනවා ද? අඩු තරමේ මේ සිදුවීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ ගෙදර අයගෙන්, දැරිය මෙහෙකාර සේවයට දීපු අයගෙන් ඇය මීට කලින් සේවය කරපු තැන් පිළිබඳව පරීක්ෂණ කරලා තියෙනවා ද? අපට පේන්නේ නෑ කිසිවක් වේගයෙන් සිදුවෙනවා කියලා. මියගිය දැරියට සාධාරණයක් සිදුවෙන බවක් අපට පේන්නේ නෑ.“

කෙසේවුවද ඊයේ (20)දින රාත්‍රී පොලිස් කණ්ඩායම දෙකක් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ දිනයේ දී මියගිය දැරිය අධ්‍යාපනය හැදෑරූ බව පැවසෙන අවිස්සාවේල්ල, පුවක්පිටියේ කිරිවන්දල ප්‍රදේශයෙන් ප්‍රකාශ 4ක් සටහන් කර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

දැරිය පාසල් ගිය පාසලේ විදුහල්පති හා උපවිදුහල්පතිවරයා ඒ් අතර වන බවත් මවගෙන් ද නැවත වරක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටි බදියුදීන් මහතාගේ නිවසේ සිටින මෙහෙකාරයෙකුගේ දුරකථනයක් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බවත් කියා සිටියේය.

බාල වයස්කාර දරුවන් දිගින්ට දිගටම හිරිහැරයන්ට ලක්වීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සඳහා ළමා හා කාන්තා කාර්යංශය වහාම මැදිහත් විය යුතු බව පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි සඳහන් කළේය.

ළමා හා කාන්තා කාර්යංශයේ සභාපති මහාචාර්යය මුදිත විදානපතිරණ මහතා පවසන්නේ, දරුවන් ආරක්ෂා කර ගැනීම උදෙසා සිය කාර්යංශය ගෙන යන වැඩ පිළිවෙළ සඳහා ජනතා සහයෝගය අපේක්ෂා කරන බවය.

Related posts

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එකම කාන්තාව

colombotoday

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

ප්‍රමෝද්‍ය යළිත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට

Admin

පෝරේ නායක හිමියෝ අපවත් වෙති. – ආගමික වතාවත් දම්දිය අසපුවේදී

colombotoday

ග්‍රාමසේවක කෙනෙක් රජ කරල අපට වැරදුණා මහත්තයෝ.. මෛත්‍රීපාල නම වැටිල තියන්නේ වැරදි මිනිහෙකුට

colombotoday