Colombo Today Local News

කොරෝනා ආසදිතව සුව වී දින 2කින් තරුණියක් මිය යයි

කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ ඇඟලුම් සේවිකාවක් හදිසියේ ඇති වු රෝගී තත්වයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර සිටියදී අද (17)දින මියගිය බව රිදිමාලියද්ද පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ රිදිමාලියද්ද 8 කණුව, වදකහඅරාව යන ලිපිනයේ පදිංචිව සිටි කේ.එච්. එම්. චන්දිමා දමයන්ති නැමැති වයස 21ක තරුණියකි. දරුවන් හතර දෙනෙකු සිටිනා පවුලක වැඩිමහල් දරුවා ඇයය.

ඇය පසුගියදා රිදීමාලියද්ද ගැමුණුපුර ඇගලුම් ආයතනයේ සේවය නියුතුව සිටියදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී, දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 10ක් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ සිට ඇත.

එසේ පැමිණ දින 02ක් ගතවන විට ඊයේ (16)දින රාත්‍රි 8.00 පමණ හුස්ම ගැනිමේ අපහසුතාවයක් හේතුවෙන් රෝගී වී සුවසැරි සේවාවට දන්වා ප්‍රතිකාර සදහා මහියංගණ රෝහලටත්, ඉන්පසු බදුල්ල රෝහලට ප්‍රතිකාර සදහා මාරුකර යැවු පසු මියගොස් ඇත.

ඇය රෝහල් ගත කිරීමේදී වගකිවයුතු නිලධාරින්ගේ ප්‍රමාදය හේතුවෙන් මෙම මරණය සිදු වු බවට ඇයගේ දෙමාපියන් ඇතුළු පවුලේ සැම චෝදනා කරති.

එසේම කලක් තිස්සේ ඇය හෘද රෝගී තත්වයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලැබූ තැනැත්තියක් බවටද පවුලේ සාමාජිකයෝ පවසති.

මියගිය තරුණියගේ දේහය බදුල්ල මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබු අතර, අද රාත්‍රි 8.00 ට බදුල්ල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රිදිමාලියද්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා

colombotoday

භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

වගකීමෙන් පැනයන්න බැරිවෙයි.. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ වගකීම අගමැති අතේයි..

colombotoday

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

5 ශිෂ්‍යත්වයෙන් ලංකාවම දිනූ හපන්නු මෙන්න

colombotoday

ගෑස් නැවක් කොළඹ වරායට. මුදල් ගෙවයි. – කෙරවලපිටිය ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිතයි.

colombotoday