Colombo Today Local News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වට ගෙවා ඇත්තේ අඩු වන්දියක් – කොමිසමේදී හෙළිවෙයි

බේරුවල සහ දිගන ආශ්‍රිත සිදුවිම්වලින් ජීවිතක්ෂයට පත්වු පුද්ගලයින් වෙනුවෙන් ගෙවූ වන්දියට වඩා අඩු මුදලක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතාක්ෂයට පත් වු පුද්ගලයින් වෙනුවෙන් ගෙවා ඇති බව හානි පුර්ණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ එස්.එම් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හෙළි කළේය.

හානි පුර්ණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ එස්.එම් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ඊයේ (16)දින කැඳවා තිබුණි.

දිගන සිදුවීමෙන් ජීවිතාක්ෂ්‍යට පත්වුවන් සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවීමට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම් යන අමාත්‍යවරුන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී තීරණය කළද, ඉන් අනතුරුව සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්ව සඳහා ගෙවන ලද්දේ රුපියල් ලක්ෂ දහයක මුදලක් පමණක් බව වැඩබලන අධ්‍යක්ෂවරයා ජනාධිපති කොමිසම හමුවේ කරුණු පැහැදිළි කළේය.

මේ අතර නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය ද ඊයේ පස්වරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා ය.

ඒ ඊයේ දින ජනාධිපති කොමිසම විසින් සිදුකළ නියෝගයකට අනුවය.

එසේම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද දින ජනාධිපති කොමිසම රජයේ අධිනීතිඥවරියගෙන් සාක්ෂි විමසීමට නියමිතය.

Related posts

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවෙයි. මා කී කතාව නිවැරදියි” -විග්නේශ්වරන් යලි කියයි

colombotoday

දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

සිලින්ඩරයකින් 700 ක් පාඩුයි. මිල ඉහළ දාන්න ඕනි. නැත්නම් ගෑස් හිඟ වෙයි. | ලාෆ්ස් ගෑස් ලොක්කා කියයි.

colombotoday

ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා – මහින්දගෙන් පොරොන්දුවක්

colombotoday

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

colombotoday

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday