Colombo Today Local News

“සිංහලේ” කණ්ඩායම ගැන හොයන්න.. අගමැති, සාගලට දැනුම් දෙයි !

rnil 33

පළාත්සභා මන්ත්‍රී අසාද් සාලිගේ මූලිකත්වයෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විසින් අපි ඔක්කොම එකම ලේ නමින් ඉකුත් දා සංවිධානය කර තිබූ විරෝධතාවයට බාධා කිරීමට ක්‍රියාකළ අය සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිය හා සාමය පිළබද අමාත්‍ය සාගල රත්නායක මහතාට දැනුම් දී තිබේ.

මෙරට සිංහල ජනතාවට එරෙහිව ආයුධ අතට ගතයුතු බවට කලකට පෙර පැවසූ, මීට මසකට ඉහතදී භික්ෂූන් වහන්සේලා මරාගෙන මැරෙන බවට තර්ජණය කළ අසාත් සාලි මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පසුගිය අගෝස්තු 15 වනදා රූපවාහිනී සංස්ථාව ඉදිරිපිටදී එකම ලේ විරෝධතාව පැවැත්වූයේ මෙරට සුළු ජාතීන්ට එරෙහිව සිදුවනවා යැයි කියන ජාතිවාදී ක්‍රියාකාරකම්වලට විරෝධය පළකරමින් සහ සමලිංගික අයිතීන් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි.

එහිදී භාවිතා කළ විරෝධතා පුවරුවල “සිංහලේ එපා! අපි ඔක්කොම එකම ලේ” යැයි සදහන් කරමින් සිංහලේ විරෝධී සටන් පාඨ කියවීම සම්බන්ධයෙන් එම ස්ථානයට පැමිණි සිංහ ලේ ජාතික බලමුළුවේ ක්‍රියාකාරීන් විසින් ඒ සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගේ විමසා සිටි අතර එහිදී ඇතිවූයේ උණුසුම් තත්වයක්.

එම සිදුවීමේදී සිංහලේ ජාතික බලමුළුවේ පිරිස හමුවේ පොලීසිය ක්‍රියා කළ ආකාරය සහ ඒ සම්බන්ධයෙන් ගත් පියවර පිළිබදව තමන්ට වාර්තා කර ලෙසද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related posts

20ට එරෙහි පෙත්සම් විභාගය අද ඇරඹේ

colombotoday

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

colombotoday

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday

පාර්ලිමේන්තුවට උල් කතුරක් ගෙන ආ තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

Admin

බස් රථයක බෝම්බ පුපුරවා තිදෙනෙකු ඝාතනය කිරීම.. ද්‍රවිඩ ජාතිකයන් හතරකට පස් වසරක සිර දඩුවමක්

colombotoday