Colombo Today Local News

උද්ඝෝෂණයේ නිරත වු සජබ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි පොලීසියට උපදෙස්

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයේ නිරත වු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය තලංගම පොලීසියට උපදෙස් ලබාදී තිබේ.

නිරෝධායන නීති අනුව එම උද්ඝෝෂණය පැවැත්වීමට නොහැකි බවට තලංගම පොලීසිය විසින් ඔවුන් දැනුවත් කර තිබුණි.

කෙසේවෙතත් එය නොතකමින් සමගි ජනබලවේගය පක්ෂය පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ උද්ඝෝෂණය පවත්වා ඇති අතර පුද්ගල දුරස්ථභාවය හෝ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් ජනතාවට අවහිර වන සේ එම මහජන නියෝජිතයින් කටයුතු කිරීම පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රූපවාහිනි නාලිකා සතු සංස්කරණය නොකළ දර්ශන ලබාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස කඩුවෙල මහෙස්‍ත්‍රාත් අධිකරණය පොලීසියට දැනුම් දී ඇත.

Related posts

ජනපති ගෝඨාභය වෙනුවෙන් ඉන්දීය අගමැති මෝදි ට්වීටරයේ සිංහලෙන් තැබූ සටහන!

colombotoday

ඥාණසාර හිමිගේ මතවාදවලට මාත් එකගයි.. මට සමාවෙන්න ! – එස්.බී. මහ නාහිමියන්ගෙන් සමාව ගනී

colombotoday

වෙළඳ හා සමෘද්ධි සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ වැඩ භාර ගනි.

colombotoday

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හෙළි කරගත් තවත් අයිස් කිලෝ 2ක් වත්තලදී අල්ලයි

colombotoday

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

colombotoday