මන්නාරමේ විදුහලක සේවය කරන ගුරුවරයෙකු කේරල ගංජා ළඟ තබාගැනීමක් හේතුවෙන් ගුරුවරයා අද (26)දින අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
මන්නාරම 54 සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව මන්නාරම පොලීසියේ ද සහය ඇතිව විද්‍යාලයට ඇතුලුවන දොරටුව ඉදිරියේදී ගුරුවරයා කේරල ගංජා සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගුරුවරයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ බෑගය කේරල ගංජා ග්‍රෑම් 500 කට ආසන්න කුඩා පාර්සල් තුනක් තිබී හමු වී ඇත.
ගුරුවරයා කේරල ගංජා සමගින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට බාර දී ඇත.