Colombo Today Local News

දිඹුලාගල රජ්ජුරුවෝ.. ඉරක් දකිමු තිතක් ළඟ

dimbulagala 222නන්දසේන සූරියආරච්චි විසින් රචිත දිඹුලාගල හාමුදුවෝ කෘතිය හෙට 25 පස්වරු 03.00ට කොළඹ ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මේ එම නව කෘතියේ සුළු උපුටනයකි..

දිඹුලාගල රජ්ජුරුවෝ!

එදා මාතර සිට දිඹුලාගලට වැඩම කරන හිමියන් අනේකවිධ දුෂ්කරතා හා කම්කටොළු මැදින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ගොඩනගනවා මෙන්ම ඊටත් වඩා වැඩි වේගයකින් දේශයේ භූමි පුත්‍රයන්ට අහිමි වෙමින් තිබූ ඔවුන්ගේ භාශාව,සිරි විරිත් හා අනන්‍යතාව රැකදීමේ මහා සද්කාර්‍යයට උරදුන් බව නොකියාම බැරිය.ලක්ශයකට වඩා මිනිසුන් ප්‍රමාණයක් තමන්ට උරුම ගම්බිම් වෙත කැඳවා බෙදුම්වාදී අන්තවාදී ආක්‍රමණිකයන්ට එරෙහිව උන් වහන්සේ ගෙනගිය සටන සදානුස්මරණීය වේ.ඒ නිසාම උන් වහනේට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම ජාතියේ අවාසනාවකි.

අද දවස දිඹුලාගල හිමියන් වැනි මහා යතිවරුන් දස දහස් ගණනින් අවැසි මොහොතකට ජාතිය මුහුණ දෙමින් ඇත.එදා අසරනවී බෙදුම්වාදීන්ගේ අණසකට යටවී ජීවත්වූ ජනතාවක් ඉන් මුදවා ඔවුන් නඟා සිටුවූ ලෙසම අද දිනයේද ජාතියක් ලෙස බෙදුම්වාදීන්ගේ හා අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්වූ නායකයන් සමස්ථ ජනතාවම අසරන කර ඇති තත්වයෙන් මුදවා ගැනීමේ මහා සද්කාර්‍යයට දිඹුලාගල හිමියන් වැනි යතිවරුන් ජාතිය ඉල්ලා සිටින මොහොතකි මේ. ඒ සඳහා වර්ථමාන සමාජයට උන්වහන්සේගේ මහා ශාසනික මෙන්ම සමාජ මෙහෙවර පිළිබඳව අවබෝධයක් ලබා දීමට මෙම පොත පළකිරීමේ මහඟු කටයුත්තට දායක වීමට උන්වහන්සේගේ ඥාති මුනුබුරෙකු ලෙස මා ලැබූ උතුම් අවස්ථාවක් බව සටහන් කරමි.

හේවා දූලිගේ නිශාන්ත කැලුම් ජයසුමන

0001-3 0002-3

 

Related posts

මහ බැංකුවේ අලුත් අධිපති දවස් විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා

colombotoday

‘මේ සතිය තුළ කොවීඩ් එන්නත නොදුන්නොත් බස් දුවන්නේ නෑ’

colombotoday

බදු වැඩිවීම ස්ථීරයි.. විදුලියට, ජලයට අදාළ නොවෙයි.. පුද්ගලික සෞඛ්‍ය, විදුලි සංදේශ සේවාවලට අදාල වෙයි !

colombotoday

2022 අයවැය වියදම් යෝජනා

colombotoday

දුම්රියේ හොරට ගියොත් දඩය ඩබල් වෙයි

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin