ජනතාව විසින් තමන්ට ආණ්ඩුව ලබා දුන්නේ දිගටම ලෝකයට ණය වී රට ආගාධයට තල්ලු වී ගිය පසු තව දුරටත් ගෙන යා නොහැකි නිසා බව අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
එම අභියෝගය බාරගෙන මේවන විට රට ක්රමයෙන් දියුණු කරමින් සිටින බවත්, පළමු අවුරුද්ද අද දිනයේ සමරනු ලැබුවද දෙවෙනි අවුරුද්ද සමරන විට මීට වඩා විශාල දියුණුවක් ලබාතිබෙනු ඇති බව අග්රාමාත්යවරයා කියා සිටියි.
ඊයේ (19) මාතර,සනත් ජයසූරිය ක්රීඩාංගණයේ පැවති යහපාලන ආණ්ඩුවේ පළමු ජාතික සැමරුම් උළෙලට සහභාගිවෙමින් රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ක්රිකට් ආයතනයේ හොරු පන්නා දැමූ පසු දැන් දැන් ක්රිකට් කණ්ඩායම විසින් ජයග්රහණය තහවුරු කරන බවද ,රටේ හොරු පැන්නීමෙන් රටේ සංවර්ධනයද දැන් දැන් අත්පත් කරගනිමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.