ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (21)දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ,8 මෙරට රාජ්‍ය නායකයෙකු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ පළමු අවස්ථාව මෙය බවයි.
එහිදී ජනාධිපතිවරයා පැය 3 කට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුවේ රැදී සිටිමින් සියලු අංශ අධීක්ෂණයට ලක් කර එහි නිලධාරීන් සහ සේවකයින් සමඟද සාකච්ඡාවක නිරතවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරයි.