Colombo Today Local News

චීනය උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවයි

උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ.

චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වන්නේ තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමූ චීන සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර තිබේ.

උතුරු පළාතේ ඩෙල්ෆ් , අනලතිව් සහ නයිනතිව් දූපත්වල මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට චීන සමාගම සුදානමින් සිටියේ ය.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී තිබූ අතර ඉන්දියාව අවස්ථා කිහිපයකදීම මෙම චීන ව්‍යාපෘති පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව ප්‍රකාශ කළේ ය.

උතුරේ දූපත් 03 ක විදුලි ව්‍යාපෘති අත්හිටුවන බව චීනය මෙලෙස නිවේදනය කළේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින අතරවාරයේයි.

Related posts

දඩය වැඩි නොකරන්න ජනපතිගෙන් පොරොන්දුවක් ! “අපි රැවටුණා.. වර්ජනය වැරදියි“ බස් සංගම් කියයි

colombotoday

විමල්ගේ උපන්දින සාදය – Photos

colombotoday

මහනුවර නගර සීමාවේ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි හඳුනාගනී

colombotoday

පිස්තෝලයක් සහ ජීවිත වැනසිය හැකි භයානක අවියක් සමග හිටපු SI අත්අඩංගුවට

colombotoday

අයිතිවාසිකම් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයෙන් දිගටම අරගල

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාහ් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදෙයි

colombotoday