Colombo Today Local News

රතන හිමිට ගම්මන්පිලගෙන් පැසසුම් !

rathana theroපාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවේ වැඩපිලිවෙල අනුමත නොකරමින් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම අගය කරන බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

ඉකුත් දා සම්මත කරගත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් පළ කරමින් සඳහන් කළේ ආණ්ඩුවේ මෙම ගමන ගැන විශාල වශයෙන් මහජන අවිශ්වාසයක් ගොඩනැගී ඇති බවත් ඒ හේතුවෙන් තමන් වැනි අයට දැඩි මහජන විරෝධයක් මතු වෙන බවත් ආණ්ඩුව මෙම තත්ත්වය තේරුම්ගත යුතුව ඇති බවත්ය.

ඒ අයුරින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පළ කළ අදහස්වලට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පැවසුවේ රතන ස්වාමීන්වහන්සේ ඉතා ප්‍රගතිශීලි ලෙසින් වත්මන් ආණ්ඩුව කෙරෙහි කණස්සල්ල පළ කිරීම පිළිබඳව අගය කරන බවයි.

එසේම අදාළ පනත සම්බන්ධයෙන් අන්තර්ජාතික බලපෑම් යටතේ අතීතයට බලපාන පරිදී කරුණු දැක්වීමට යෑමෙන් සත්‍ය වශයෙන්ම ජාතික සංහිඳියාව බිඳී යන බවත් අතීතය ඇවිස්සීම තුළින් ජාතීන් අතර අසහනයක් ඇති වීම මිස අන් කිසිවක් සිදු නොවන බවත් ඔහු පවසයි.

Related posts

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

colombotoday

විමර්ශනයක් ඉල්ලා කංචන CID යයි

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

“වතුකරයේ අපටත් ඉඩම්, පොලිස් බලතල ඕන“ – කම්කරු කොංග්‍රසය

colombotoday

ජනබල මෙහෙයුම තහනම් කරන්න ඉල්ලා පොලිසිය කොළඹ වටේ උසාවි වලින් වාරණ නියෝග ඉල්ලයි…

colombotoday

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday