ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම දැනුම්දීම මීට දින කිහිපයකට පෙර කර ඇති බවත් උවයිස් මහතා මේ දක්වා ඉවත් කර නොමැත.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ මෙම තීරණය පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා කණස්සල්ලට පත්ව සිටින බව ද වාර්තාවේ.