Colombo Today Local News

IOC ඉන්ධන මිල ඉහළට

ලංකා IOC සමාගමත් අද (21) දිනයේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

රුපියල් 157කට පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක් වේ.

එසේම Extra Premium 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 210ක් ලෙස ඉහළ දමා තිබේ.

ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 121කි.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 159ක් ලෙසය.

Related posts

මේ වසරේදී සරසවි ඇදුරෝ අටසීයක් රට හැර ගිහින්

Admin

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin

විජේදාස සියළු තනතුරුවලින් ඉවත් කරන්න ජනපතිට දැන්වූවා.. එජාප නිල නිවේදනය මෙන්න

colombotoday

දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දමයි

Admin

වෙසක් පෝදා මහියංගනේ බෞද්ධ කොඩි ගිනි තැබූ මුස්ලිම් තරුණයන් 8ක් අත්අඩංගුවට

colombotoday

ක්‍රීඩා සහ තරුණ කටයුතු වරලත් ගණකාධිකාරිවරයෙකුට

Admin