වී අලෙවි මණ්ඩලය හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් අනූ අටට අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගන්නෝරුවේ දි ඊයේ(1)දින මාධ්‍ය හමුවක් කැදවමින්.
එමෙන්ම මහ කන්නයේ වී වගාව ඔක්තෝම්බර් 15 වන දා ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා ගොවීන්ට පොහොර වර්ග හතරක් ද හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ.