World

අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා ගැන වැඩි උනන්දුවක් නෑලු

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදෙන ගිනි අවිය (පිස්තෝලය) මෙතෙක් ලබාගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද වෙති.

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අසූවකට අධිකය.

මෙයින් ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිහකට වැඩි යැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අලුත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ගේ ආරක්ෂාව සඳහා ලබාදෙන එම ගිනි අවියට වැඩි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම මන්ත්‍රීවරයකුටම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවිය නිකුත් කරනු ලැබේ. පාර්ලිමේන්තු ලේකම්වරයා විසින් ඔහු හෝ ඇය මන්ත්‍රීවරයකු, මන්ත්‍රීවරියක බවට සහතික කරනු ලැබීමෙන් පසුව එම අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවිය නිකුත් කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර පාර්ලිමේන්තුවේ කාලයක් සිටි පැරණි මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.

-ලංකාදීප-

Related posts

ඉන්දියාවේ ආදාහනය කර ගත නොහැකි භූමදානයට ඉඩ නැති මළ සිරුරු ගංගා නදියේ පාවෙයි

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday

ජෝ බයිඩ්න් ෆයිසර් බයෝ-එන්-ටෙක් කොවිඩ් එන්නත ලබා ගනී

colombotoday

(VIDEO) මගීන් 61ක් සමග ෆ්ලයි ඩුබායි යානය රුසියාවේදී කඩා වැටුණු හැටි

colombotoday

ඉන්දියාවට යන සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම. ස්පාඥ්ඥ මුස්ලිම් ප්‍රජාවේ ඉහලම නායකයාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

colombotoday