World

ගිණුම් අත්හිටවුණු ට්‍රම්ප් සකර්බර්ග්ගෙ ෆේස්බුක් හා තරගයට සමාජමාධ්‍ය ජාලයක් හදයි

ෆේස් බුක් හී ඒකාධිකාරය බිඳිමින් ඊට විකල්පයක් ලෙස ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් TRUTH Social ලෙස නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ට්‍රම්ප් පවසා ඇත්තේ දැවැන්ත තාක්ෂණික සමාගම්වල කුරිරුකම්වලට එරෙහිව නැගී සිටීම සඳහා මෙම නව සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කරන බවයි.

පසුගිය ජනවාරි මාසෙයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් සමාජ ජාල පියවර ගැනීමත් සමග ට්‍රම්ප් සහ ෆේස්බුක් ප්‍රධානීන් අතර මතගැටුමක් නිර්මාණය විය.

පසුගිය ජනවාරි මාසයේදී කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් හිතවාදීන් විසින් බලෙන් ඇතුලුවීම නිසා ඔහුගේ ගිනුම් අත්හිටවූවත් ට්‍රම්ප් ඒ ගැන කීවේ බොහෝ සමාජ මාධ්‍ය ජාල අමෙරිකාවේ විරුද්ධ මත යටපත් කිරීමට කටයුතු කරන බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් පැවසුවේ ඔවුන් ද සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කරන බවයි.

Related posts

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday

උතුරු කොරියාවට ආහාර හිගයක් – නායක කිම් ජොන් උන් නිල වශයෙන් දන්වයි

colombotoday

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

Admin

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි

Admin