Colombo Today Local News

නව අමෙරිකානු ජනපතිට හා උප ජනපතිනියට අගමැති සුබ පතයි.

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් ට හා උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් එක්කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දක්වා තිබේ.

ජෝ බයිඩන්ගේ ධූර කාලය වෙනුවෙන් තමා සුබ පතන බව ද එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.

එම ට්විටර් සටහන පහතින් දැක්වේ.

වොෂින්ටන්හි පිහිටි කැපිටල් මන්දිරය අභියස දී අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දීම සිදුකරනු ලැබීය.

ජනාධිපතිවරයා දිවුරුම් දීමට පෙර අමෙරිකා ඉතිහාසයේ පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් සිය ධුරයේ දිවුරුම් දුන්නේය.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවූවද උප ජනාධිපති මයික් පෙන්ස් එයට සහභාගී වී නව ජනාධිපතිවරයාට සුභ පැතුම් එක්කරනු ලැබීය.

Related posts

“ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ ප්‍රමාද කරන්නත් බැහැ…”

Admin

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කථානායක සහ ජවිපෙ එන්න බෑ කියයි

colombotoday

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

colombotoday

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday

මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දවලා! නීතියට පිටින් සහල් මිල වැඩි කරලා!

colombotoday