මතභේදයට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික පැණිය අද (21)දිනයේ නොමිලේ ලබා දීමක් සිදු විය.
ඒ, කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදීය.
අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණිය ලබා දීම සිදු වූ බව වාර්තාවේ.
නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජනතාව එම ඖෂධය ලබා ගෙන ඇත.
වරකාපොළ පොලීසියේ සහය ද මේ සඳහා ලබා දී තිබේ.