Covid 19

බසයේ සිටි කොවිඞ් රෝගියා බුලත් කෙළ ගහලා.. පවුලක්ම නිරෝධායනයේ

කොවිඞ් ආසාදිතයන් රැගෙන යමින් සිටි බසයක සිටි අයෙක් බුලත් කෙළ ගැසීම නිසා මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවකු සහ ඔහුගේ නිවසේ අය පෙරේදා (19)දින පස්වරුවේ සිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබුණා.

බළන්ගොඩ ප‍්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවකුට බස් රථයක් තුළ සිටි අයකු ගැසූ බුලත් කෙළ වැටීම නිසා කෝපයට පත් යතුරුපැදිකරු එම බසය නවත්වා බස් රථයට ගොඩවී බැණ වදින විට එම බසයේ ගමන් කරමින් සිටිනුයේ කොවිඞ් ආසාදිතයන් පිරිසක් බව දැනගෙන තිබෙනවා.

බළන්ගොඩ වටවල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි කොවිඞ් ආසාදිතයන් පිරිසක් මෙම බසයේ ගමන් කර ඇකි බවයි වාර්තාවන්නේ.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය අනුව බළන්ගොඩ මැදකන්ද ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ගමනක් යමින් සිටියදී තම කමිසයට බුලත් කෙළ වැදීම නිසා අපහසුතාවට පත්වූ බැවින් එම බසය පසුපස ගොස් යතුරුපැදිය හරස් කර බසය නැවත්වූ බවත්, ඒ අවස්ථාවේදී ඇතිවූ කෝපය හේතුවෙන් තමා එසේ කළ බව සිද්ධියට මුහුණදුන් පුද්ගලයා පවසා තිබුණේ.

සිද්ධියට මුහුණදුන් පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද දැනුවත් කර ඔහුගේ උපදෙස් පරිදි පවුලේ සියලූම දෙනා සමග ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා.

Related posts

ලබන වසරේ කොවිඩ් එන්නත ගෙන ඒමට පියවර

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

colombotoday

සති දෙකක් තුනක් යනවිට දෛනික රෝගීන් ප්‍රමාණය හයදහසකට වඩා වැඩි වේවි

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 33ක් – 11ක් මිය ගොස් ඇත්තේ නිවෙස්වලදීම

colombotoday

එන්නතක් විදීමෙන් පසු රෝහලට ගෙන ගිය බිළිඳෙක් කොවිඩ් ආසාදයවී මරුට

colombotoday