Colombo Today Local News

අපරාධ කල්ලි සාමාජික ලසන්ත වික්‍රමසේකර ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා දින 06ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

චින්තක නඳුන් හෙවත් හරක් කටා නැමැත්තාගේ සමීපතයෙකුගේ වන අදාළ සැකකරුට එරෙහිව අපරාධ චෝදනා රැසක් එල්ලවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

“ලසන්ත වික්‍රමසේකර නැමැති පුද්ගලයා නීතිවිරෝධී දේපල හා වත්තම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවටගනු ලැබුවා. මෙම සැකකරු 2010 සහ 2018 යන වර්ෂවල නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව පසුගිය දිනක මාතර තොටවිල ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනයට ලක් වූ අමිල ප්‍රසන්න හෙවත් ‘සන්ෂයින් සුද්දා’ යන අය ඝාතනය පැමිණි සැකකරුවන්ට වාහනය සපයාදී ඇති බවට පොලීසිය විසින් සැකකරයි.“

Related posts

රාජිත රකින්නේ කවුද? සුදත්ත හිමිගෙන් හෙළිදරව්වක්. 2015දී වගේ 2019දීත් අපිට වැරදුනා ?

colombotoday

රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයි

colombotoday

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday

රණවිරු දඩයම නවතනු! පෙත්සමට නැගෙනහිර භික්ෂූන් වහන්සේලා රුධිරයෙන් අත්සන් තබයි

colombotoday

ආපදාවෙන් මියිගිය සියලු දෙනාට වන්දිය ලක්ෂ 194යි.. ඇමතිවරයෙකුගේ එක් වාහනයක් පමණක් ලක්ෂ 400යි

colombotoday

ඩි.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ සෙසු විත්තිකරුවන් 6 දෙනාත් චෝදනාවලින් නිදහස්

colombotoday