Colombo Today Local News

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් දැනුම් දී තිබේ.

නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම දැනුම් දීම සිදුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් 20 වන සංශෝධනය සම්මත කිරීමේ හැකියාව පවතින බව නීතිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ඊයේ (01)දින අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීරීක්ෂණ කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි. 

Related posts

නිරිතදිග මෝසම් සක්‍රීය වෙයි…. සුළං තත්වයේ වැඩිවීම තවදුරටත්

colombotoday

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

colombotoday

කරදියාන කසළ අංගනයේ නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

colombotoday

ඒකීය රට කුඩුපට්ටම්.. රටම නොමග යවන ව්‍යවස්ථා අතුරු වාර්ථාවේ සැගවුණු උගුල මෙන්න !

colombotoday

VPN වලින් ෆේස්බුක් ඇවිත් ලෝක වාර්තාවකුත් තියා අපේ අය ගත්ත ආතල් මෙන්න (Photo)

colombotoday

අගමැතිගෙන් තරුණයන්ට අඩුපොලී ණය..

colombotoday