ශ්‍රිලනිපයට එරෙහිව කටයුතු කරන පක්ෂ විනය කඩ කරන අයට විරුද්දව විනය පියවර නොගතහොත් මහ ලේකම් ධුරයෙන් ඇති වැඩක් නැතැයි ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ පසුගියදා ජනාදිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදීය.
පක්ෂ විනය කඩ කරන අයට එරෙහිව විනය පියවර නොගතහොත් ඉදිරියේදීද විනය පවත්වාගත හැකි නොවනු ඇති බවද පෙන්වා ඇති මහ ලේකම්වරයා විනය පියවර ගැනීම කඩිනම් කල යුතු යයිද අවධාරණය කර ඇත.