Colombo Today Sports News

ධනුෂ්ක, දීක්වැල්ල සහ මෙන්ඩිස් නොමැති ජාතික ක්‍රීඩක ගිවිසුම ක්‍රිකට් ක්‍රීඩකයින් 18ක් අත්සන් කරයි

මාස 05ක කාලසීමාවක් සදහා ක්‍රීඩකයින් 18දෙනෙකු ජාතික ක්‍රීඩක ගිවිසුම් සදහා අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ගිවිසුම් අගෝස්තු මස 1 වැනිදා සිට මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වන බවයි.

කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩකයින් තෝරාගත් බවත්, එහිදී කාර්ය සාධනය, යෝග්‍යතාවය, නායකත්වය, ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීයභාවය වැනි සාධක සලකා බැලූ බව ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම ගිවිසුමට ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම තරග තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඇතුළත්ව නොමැත.

එම ගිවිසුමට අත්සන් කළ ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව පහතින්….

  1. ධනංජය ද සිල්වා
  2. කුසල් පෙරේරා
  3. දිමුත් කරුණාරත්න
  4. සුරංග ලක්මාල්
  5. දසුන් ශානක
  6. වනිදු හසරංග
  7. ලසිත් ඇඹුල්දෙණිය
  8. පැතුම් නිශ්ශංක
  9. ලහිරු තිරිමාන්න
  10. දුෂමන්ත චමීර
  11. දිනේශ් චන්දිමාල්
  12. ලක්ෂාන් සදකැන්
  13. විශ්ව ප්‍රනාන්දු
  14. ඔෂධ ප්‍රනාන්දු
  15. රමේෂ් මෙන්ඩිස්
  16. ලහිරු කුමාර
  17. අෂේන් බණ්ඩාර
  18. අකිල ධනංජය

Related posts

සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

T10 ලීගයේ දූෂණ චෝදනා මත නුවන් සොයිසාට සහ අවිෂ්ක ගුණවර්ධනට ක්‍රිකට් තහනමක්.

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතකට BPL යන්න අවසර

colombotoday

දිලිත් ජනපති සටනට – සමාගම් කීපයක අධ්‍යක්ෂ ධූර වලිනුත් ඉවත් වෙයි

Admin

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 3 වැනිදා දිවයිනට

colombotoday