2015 දී සිදුවූ ආණ්ඩු පෙරළියෙන් ජනතාව යළිත් වරක් පරාජයට පත්වූ බවත්, ජයග්රහණය කර ඇත්තේ හවුල් ආණ්ඩුවේ දේශපාලඥයන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.
විසි වසරක් පරාජිතව විපක්ෂයේ සිටි රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස පත්ව සිටින නිසා ඔහු ජයග්රහණය කර ඇති බවත්, මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති වී සිටින නිසා ඔහුද ජය ලබා සිටින බවත් පවසන මන්ත්රීවරයා යහපාලනයට ජනවරම දුන් ජනතාව කිසිවක් නොමැතිව පරාජයට පත්ව සිටින බවද පවසයි.