කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවෙකුට ලබාදීම සඳහා ගෙන එන ලද හෙරොයින් බවට සැක ග්‍රෑම් 15 ක් සහ දුම්කොළ ග්‍රෑම් 41 ක් සමග කාන්තාවක බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අදාළ කාන්තාව ඊයේ (1)දින මෙම ද්‍රව්‍ය රැගෙන විත් ඇත්තේ, තුවායක් තුළ සූක්ෂම ලෙස සඟවා ගෙනයි.
බන්ධනාගාරය ඉදිරිපිට මුරපෙළේ බුද්ධි අංශ නිලධාරීන් කළ පරීක්ෂාවකදී අත්අඩංගුවට පත් අදාළ කාන්තාව බොරැල්ල පොලීසියට භාර දී තිබේ.