ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යන මහත්වරුන් නෙරපා හැරී බවට දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඔවුන් වෙත ලිපි යවා ඇති බව වාර්තා වනවා.
නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණය විරෝධය පලකරන ලංකා කුරු සංගමය පවසන්නේ විශ්‍රාම වයස පසුකළ අධ්‍යාපන ලේකම්වරයෙකු අමාත්‍යාංශයේ තබාගෙන සිටින යහපාලන රජය බුද්ධිමතුන් තනතුරුවලින් ඉවත් කිරීම තරයේ හෙළා දකින බවයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ සියලු ක්‍රියා අනුමත කරමින් ඇමැතිවරයාගේ සෑම ක්‍රියාකාරකමකටම හිස නමමින් සිටිනවා වෙනුවට අඩුපාඩු පෙන්වා දීම නිසා ඔවුන් ඉවත් කරන්නට ඇති බව ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.