World

ජර්මනියේ මියුනික් නුවරට ප්‍රහාරයක්.. ප්‍රහාරකයෝ කට්ටි පනිමින් නගරය පුරා වෙඩි තබයි

mm-696x385

ජර්මනියේ මියුනික් නුවර සාප්පු සංකීර්ණයක ඊයේ රාත්‍රියේ වෙඩි තැබිමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර නගර මධ්‍යයේද තවත් ප්‍රචන්ඩ ක්‍රියා සහ වෙඩි තැබීම් සිදුව ඇති බව ජර්මන් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති බව හදුනාගෙන තිබෙනවා.

මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් බවට මේවන විට සැක පළව තිබෙන අතර ප්‍රහාරකයන් සොයා පොලීසිය නගරය පුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු මියුනික් නුවර සියළුම ප්‍රවාහන සේවා නතර කර දමා තිබෙන අතර නගර වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ අතර මියුනික්හී ශ්‍රී ලාංකිකයන් 600කට ආසන්න පිරිසක් පදිංචිව සිටින බව වාර්තා වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානි සිදුවී නොමැති බවයි.

Related posts

ඉතාලියේ භූ කම්පනයක්

Admin

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරයි

Admin

ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ කල 4 ක් ලන්ඩනයේදී අත්අඩංගුවට

colombotoday

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday