Colombo Today Local News

රජයට පාඩු කළ චෝදනාවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් නිදහස්

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණි.

එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කරන ලෙස නියෝග කර ඇත.

Related posts

මෛත්‍රී යටතේ අලුත් සන්ධානයක් ! රටට ආදරේ අය එකතු වෙන්න. බැරි අය පැත්තකට වෙන්න

colombotoday

ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්න අවසන් ගමන් යයි.

colombotoday

සේනා දළඹුවා අල්ලන්න එංගලන්තයෙන් උගුල් 20000ක් ගෙන්වයි…

colombotoday

නව අධ්‍යාපන ලේකම්වරිය ධුරයේ වැඩ අරඹයි

Admin

ගලේවෙල සමුපකාර ඡන්දය.. මහින්ද පිළ උඩින් දිනයි.. මෛත්‍රී+රනිල් පිළ හාන්සියි

colombotoday

ප්‍රභූ රථපෙලට විරෝධය දැක්වූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday