Colombo Today Local News

සිරිමතීපාය යළි විවෘතවේ

නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි ”සිරිමතීපාය” අග‍්‍රාමාත්‍ය කාර්යාලය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ‍්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් මෙම දෙමහල් මන්දිරය වර්ෂ 1916 දී ඉදිකර තිබේ. එතුමාගේ අභාවයෙන් පසු වර්ෂ 1960 දී පවුලේ සාමාජිකයන් විසින් එය රජයට පවරා දෙනු ලැබිණ.

අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය එකළ සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 දී එවකට අග‍්‍රාමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් සිරිමතීපායෙහි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවීය.

Related posts

බස් රථයේ පිපිරීම ගැන හමුදාවෙන් ප්‍රකාශයක් !!

colombotoday

කන පලාගත් මරික්කාර්, ලැජ්ජාවෙන් “මට නෙවෙයි මම ගැහුවා කියලා ලියන්න” මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලයි

colombotoday

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා.

colombotoday

යාපනේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ආවා ප්‍රහාරයක්

colombotoday

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

colombotoday