Colombo Today Local News

2021 අයවැය අද පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා වන අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ, අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ය.

2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ අතර එය පසුගිය 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව අද පස්වරු 1.40 ට රැස්වීමට නියමිතයි.

මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75 වැනි අයවැය වාර්තාවයි.

2021 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678 ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව රුපියල් බිලියන 2009 ක සීමාවට යටත්ව ණය ලබා ගැනීමට මෙම විසර්ජන පනත මගින් යෝජනා ඉදිරිපත් කර තිබේ.

හෙට සිට ලබන 21 වැනිදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5 ට සිදු කෙරෙනු ඇති.

පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය එම කාලය තුළ පැවැත්වෙනු ඇති.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන 23 වැනිදා ආරම්භ වන අතර දෙසැම්බර් 10 වැනිදා දක්වා එය පැවැත්වෙයි.

දෙසැම්බර් 10 වැනිදා පස්වරු 5.00 ට කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හා රෙගුලාසිවලට අනුකූලව මෙවර පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

Related posts

දැනට භාවිතයේ පවතින ත්‍රීරෝද රථ ඉවතට… පුංචි කාර් ගන්න ණයක්….

colombotoday

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin

ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් අරමුදල්වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට නීති සංශෝධනයක් කරයි

colombotoday

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday

හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (Video)

colombotoday

වෙලේ සුදාගේ නංගිත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට

colombotoday