Colombo Today Local News

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

2021 සිට 2030 දක්වා වන දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය” අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ගෝලීය ප්‍රවනතාවන්ට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යායපත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහණයෙන් සියයට 10 ක් දක්වා අඩු කිරීම සහ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරපුරක් බිහි කිරීට නිපුණතා සංවර්ධන දශකයෙන් අපේක්ෂා කෙරේ.

ජනතාවට තමන් තෝරාගන්නා කුමන ක්ෂේත්‍රයක වුවද ලෝක නායකයන් බවට පත්විය හැකි පරිදි ස්වකීය නිපුණතා, සමත්කම් සහ ව්‍යාපාරික විනිශ්චය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ සලසන පරිසරයක් නිර්මාණය කිරීම’ පිණිස නිශ්චිත අධ්‍යාපන සැලැස්මක් සම්පාදනය කොට ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ඉන් අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ මග පෙන්වීම අනුව සැකසෙන නිපුණතා සංවර්ධන දශකයේ මාර්ග සැලැස්ම ජීවිත කාලය පුරා ඉගෙනීම දිරිමත් කරමින්, අධ්‍යාපනයට පිවිසීමේ බහුවිධ අවස්ථා හඳුන්වාදීමටත්, ශ්‍රී ලංකාව නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ ඉදිරියට යන විට සියලු දෙනාට ඊට එක්වීමේ අවස්ථාව සැලසීමත් ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

මරණ දඬුවම නියම වී සිටින සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව අද ?

colombotoday

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද

colombotoday

අස්ගිරි නාහිමියෝ සොව පලකරයි… රට වැසියන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday