2020 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා එජාපය හා ශ්රීලනිපය ඒකාබද්ධව එක් පෙරමුණක් යටතේ ඉදිරිපත් වීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මේ සදහා අග්‍රාමාත්‍යවරයා සමග තමන් මේ වන විටත් සාකච්ඡා කර තිබෙන බවත්, අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබදව සාධනීය ස්ථාවරයක සිටින බවත් අමාත්‍යවරයා පවසයි.
මේ පිළිබදව තවත් සාකච්ඡාවක් අද 10 දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙදී මාධ්‍ය වේදීන් සමග වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.