Colombo Today Local News

2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට – වැටලීම් ආදායම මිලියන 130 ඉක්මවයි

ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේදී දීපව්‍යාප්තව සිදුකල වැටලීම් වල ප‍්‍රතිඵලයක් වශයෙන් විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට හසුකරගෙන  ඇත. ඉන් ලත්  මුළු ආදායම රු.130,285,824.83 ක් වෙතැයි විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි. ඉන්  රු.120,134,324.83 ක් ලංවිම අලාභය වශයෙනුත්, රු.10,151,500.00ක් උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබේ.

2018 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීම් මගින් මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2269 ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධින් 253 ක්ද අනාවරණයවී තිබේ.

අද වනවිට සමස්ථයක් වශයෙන් 100% කට විදුලියේ හිමිකම ලබාදීමට රජයට හැකිවී තිබේ. එය නීත්‍යානුකූල අයිතියක් සේ සලකා රටේ සෑම පුරවැසියෙකුටම ලබාදීම විෂයභාර අමත්‍යවරයාගේ සහ අමාත්‍යාංශයේ අරමුණයි. අධික නියඟය සහ අධික තෙල් මිල හමුවේද අඛණ්ඩ විදුලිබලයක් සැපයීමට වත්මන් රජයට හැකිවිය. එවන් තත්ත්වයක් හමුවේ නීත්‍යානුකූල නොවන ක‍්‍රමවේද ආශ‍්‍රයෙන් වංචා සහගත ලෙස විදුලිබලය ලබාගැනීම නිසා ආර්ථික වශයෙන් වැඩි පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට අත්වන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි. මේ හේතුවෙන් ජාතික ආර්ථිකයට අයහපත් බලපෑමක් සිදුවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.  මෙම තත්ත්වය මත මේ වනවිට ලංවිම විමර්ශන අංශයේ ක‍්‍රියාකාරීත්වය සවිමත් කරමින් අවශ්‍ය සියළු නීතිමය කටයුතු සඳහා සහයෝගය ලබාදීමට නිරන්තරයෙන්ම තමා කැපවනබව අමාත්‍යවරයා පවසයි.

වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 0112422259 ට දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කරන අමාත්‍ය කරුණානායක මහතා, අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක‍්‍රියාත්මක 1901 සහ 1987 ක්ෂණික දුරකතන සේවාද ඒ සඳහා විවෘත බව පවසන අතර මෙම කර්තව්‍ය ජාතික සත්කාරයක් ලෙස සලකන ලෙසද ඉල්ලා සිටියි.

Related posts

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday

අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදුයි – අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය

colombotoday

පොලිස් කොමිසම පොලිස්පතිගේ නිර්දේශ විසිකර දමයි – එෆ්සීඅයිඩී ලොක්කා විශ්‍රාම ගන්වයි

colombotoday

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday

වස් සමයේ ව්‍යාජ අටපිරිකර වෙළදපොලේ, විශ්වාසවන්ත තැනකින් පමණක් ගන්න !

colombotoday

දවල්ට කොම්පෝස්ට්.. රෑට යුරියා.. යොදා කාබනික ගොවිතැන සාර්ථකයැයි පෙන්නුවා. – ලොවක් ඇන්දු රතන හිමිගේ තවත් කුපාඩි වැඩක් හෙළිවෙයි.

colombotoday