ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් නිල වශයෙන් පත් වී තිබේ.
ඊයේ (19) පැවති එම පක්ෂයේ ජාතික සමුළුවේදී මේ බව නිල වශයෙන් ප්රකාශයට පත්විය.
ටිවටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්රම්ප් පවසා සිටියේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වීම විශාල ගෞරවයක් ලෙස සලකන බවත්, තමා ඉතා ඇපකැප වී වැඩ කරන බවට පොරොන්දු වන බවත්ය.
ට්රම්ප්ගේ ප්රතිවාදියා ලෙස ඩිමොක්රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ මීළග ජනාධිපති ධුරය සදහා තරගවදී.