Colombo Today Local News

ආණ්ඩුවට ජනසටන් භීතිකාව හැදිලා.. 28ට පෙර 7ක් ඇතුළට යවන්න සූදානම්

udaya gammanpilaජූලි 28 වන දින වනවිට ඒකාබද්ධ විපක්ෂයේ හත් දෙනෙකු රිමාන්ඩ් කිරීමට සැලසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

තමා රිමාන්ඩ් ගත කරන දෙවෙනි නිවාඩුවටද මේවන විට කටයුතු යොදමින් සිටින බව ගම්මන්පිල මහතා කියා සිටියේ ඊයේ (19)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් සැලසුම් කර ඇති දැවැන්ත පාගමන ගොස් පැමිණි පසු ඒ විවේකය ගැනීමට අවස්ථාව දෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ ආණ්ඩුව බලයට පත්වන විට කියා සිටියේ මෙගා ඩීල් කාරයින් අල්ලන බව වුවද මේවන විට සිල්ලර කාරණාවලට ඇතුළට යවන තත්ත්වයක් උදාවී ඇතැයි ගම්මන්පිල මහතා කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතාද,නාමල් රාජපක්ෂ මහතාද රිමාන්ඩ් කරනු ලැබුවේ එවන් සිල්ලර කාරණාවන්ට බව කියා සිටි ගම්මන්පිල මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතා විසින් දුන්නයි කියනු ලබන ජී.අයි පයිප්ප කාරණයද එවැන්නක් බව අවධාරණය කළේය.

රජයේ අමාත්‍යංශයක් මගින් එම අමාත්‍යංශය යට‍තේ පවත්නා ආයතනවලට පයිප්ප බෙදාහැරීමට පවත්නා නීතිමය බාධාවක කුමක්දැයි තමන් නොදන්නා බව ගම්මන්පිල මහතා කියා සිටියේය.

ආණ්ඩුවට මේවන විට ජන සටන් භීතිකාව නම් ලෙඩේ වැළඳී ඇති බවත්,ජනාධිපතිවරයාද නොනිදා ඒ ගැන කල්පනා කරන බවත් ඔහු සඳහන් කළේය.

තමන් කියා සිටින්නේ ජනාධිපතිවරයාට පොළොන්නරුවට ගොස් සුවසේ නිදා ගන්නා ලෙස බවත්,ආණ්ඩුව පෙරළා ලෙඩේ හොඳ කරන හැටි ඒකාබද්ධ විපක්ෂය දන්නා බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේ

Admin

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

colombotoday

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය දක්වමින් දකුණේ මන්ත්‍රී තිරික්කලයෙන් එයි

colombotoday

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට දුම්රිය ධාවනය නවතී

Admin